මැතමැට්ටි
රු800.00
මොනවද මේ ගණිතාන්දර කියන්නෙ ?
____________
‘විද්‍යා ප්‍රබන්ධ’ නාමයෙන් හඳුන්වන විද්‍යා කතන්දර කියන සාහිත්‍ය විශේෂය අපට එතරම් ම ආගන්තුක නැහැ. හැබැයි මෑතක සිට අපට අසන්නට ලැබෙන ‘ගණිත ප්‍රබන්ධ’, එහෙම නැත්නම් ‘ගණිතාන්දර’ අප තවම හොඳින් හදුනා ගත් සාහිත්‍ය ප්‍රවර්ගයක් නොවන බවයි සඳහන් කළ යුතු වන්නේ.
විද්‍යාව හා සාහිත්‍යය රසවත් ලෙස එකතු වීමක් ලෙස විද්‍යා ප්‍රබන්ධ සරලව හඳුන්වා දෙන්න පුළුවන් නම් ගණිතමය සංකල්පවල නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස ගණිත ප්‍රබන්ධ හඳුනාගන්න පුළුවන්. මේ කුඩා සටහනට හේතු වූයේ ‘මැතමැට්ටි’ නමින් පළකර ඇති අලුත් ගණිත ප්‍රබන්ධය යි.
එහි කතුවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ, ගණිත අධ්‍යයනාංශයේ ආචාර්ය අනුරාධ මහසිංහ යි. ඔහු මීට පෙර එඩ්වින් ඒ. ඇබට් ගේ Flatland ගණිත ප්‍රබන්ධය ‘පැතලිලන්තය’ නමින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා.
මීට අමතරව අපට සිංහලෙන් කියවන්නට ලැබෙන ගණිත ප්‍රබන්ධයක් වන්නේ මාක් හැඩන් ගේ The Curious Incident of the Dog in the Night-Time පොතෙහි සිංහල පරිවර්තනය යි. ‘මහ රෑ හමු වූ අරුම පුදුම බලු විපත’ නමින් එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ පී.බී. ජයසේකර යි. ඩෝසන් ප්‍රීති ගේ ‘The Basis’ ඉංග්‍රීසි නවකතාව ද ගණිත ප්‍රබන්ධයක් ලෙස සැළකිය හැකියි.
‘ගණිත විනෝදය’ නම් වූ වයි පෙරෙල්මාන් ගේ පොතෙහි, ගණිත ගැටලු රාශියක් කතන්දර ලෙස ඉදිරිපත් කොට තිබෙනවා. මෑතක දී සිංහලට පරිවර්තනය වූ යොකෝ ඔවාවා ගේ පොතකි, ‘ඉලක්කමට පෙම් බැඳි මිනිසා’ (පරිවර්තනය මහේෂි වීරකෝන්).
‘මැතමැට්ටි’ ගණිතාන්දරය කතා හතරකින් යුතු වෙයි. 1. මැතමැට්ටි 2. ඔලියානාගේ රාජ්‍යය 3. අපරිමේය කතාවක් 4. න්‍යුනිත ඝනජය. මේ අලුත් සාහිත්‍ය විශේෂය කුමක්දැයි ‘මැතමැට්ටි’ අපට කියා දේවි.
කවර නිර්මාණය – අවංසිකා නිමුතුමාන
කවර නිර්මාණය – කසුන් හේමතිලක
සයුර ප්‍රකාශනයකි.
සු.ප්‍රි. සමරසිංහ
2022.09.20
Out of stock
Reviews
There are no reviews yet.